1.Grand Theft Auto..
මුලින් ම release වෙලා තියෙන්නේ මේ Game එක තමා..ඒ 1997 ඔක්තෝම්බර් වල !
2. ඊලගට Release උන game එක GTA2 එහෙම නෙවෙයි ඔන්න ! ඊලගට release කරලා තියෙන්නේ Grand Theft Auto : London 1969 & 1961.. ඒ 1999 අප්‍රේල් වල !
3. ඊ ලගට Release කොරල තියෙන්නේ ! Grand Theft Auto II.. ඒ 1999 ඔක්තෝම්බර් වල ! එකේනම් Graphics යාන්තම් වගේ හොදයි !
4. ඔන්න දැන් තමා නියම සිද්දිය පටන් ගන්නේ !
ඒ තමා 2001 ඔක්තෝම්බර් වල Grand Theft Auto III Release කිරීම !
5. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Release වෙන්නේ !
ඒ 2002 ඔක්තෝම්බර් වල !
* Vice City වලට පස්සේ GTA Advanced කියල එකක් Release වෙලා තියනවා..ඒ Gameboy Advanced වලට !
6. ඔන්න දැන් තමා පට්ටම ආතල් එක ! කොච්චර පාරක් ඉවර කලත් එපා වෙන්නේ නැති ලෝකේ තාමත් මට මතක විදියට 6 වැනියටද කොහෙද ජනප්‍රිය Grand Theft Auto San Andreas
ඒක Release උනේ 2004 ඔක්තෝම්බර් වල !
7. ඊට පස්සේ release කරලා තියෙන්නේ Grand Theft Auto Liberty City Stories.. ඒ 2005 ඔක්තෝබර් වල !PC වලට නම් නෙවෙයි !
8. ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Stories release කරලා තෙයෙන්නෙ ! ඒ 2006 ඔක්තෝම්බර් වල ! එකත් PC වලට නම් නෙවෙයි !
9. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto IV release උනේ ! ඒ 2008 ඔක්තෝම්බර් ද මන්ද !
10. ඊලගට තමා GTA IV වලම කොටසක් වන Grand Theft Auto : Lost and Damned release උනේ ! ඒ 2009

11. අම්මෝ මහන්සී බන් ! කමක් නෑ.. ඊට පස්සේ තමා Grand Theft Auto China Town Wars release උනේ.. හැබැයි එකත් PC වලට නම් නෙවෙයි !
12. ඊලගට තමා GTA IV වල අනිත් කොටස වන Grand Theft Auto : The Ballad of Gay Tony release උනේ ! ඒත් 2009 ම තමා !
ගොඩක් කස්ටිය හිතන් ඉන්නව මේ ලගදි Release කරපු Game එක තමා Grand Theft Auto Series එකේ අලුත්ම Game එක කියල..එකෙත් පොඩි ඇත්තක් නැත්තේ මත් නෑ !
ඒත් ඇත්තම සිද්දිය තමා ඒ game එක හදල තියෙන්නේ GTA the Lost and Damned සහ GTA the Ballad of Gay Tony කියන Games දෙකේම එකතුවකින් ! ගමේ එකේ Main Menu එකේදී අපිට මේ Games දෙකෙන් එකක් තෝරාගෙන ගහන්නයි තියෙන්නේ !
කෝකටත් එකත් මෙතන මම දානවා නැත්තම් හරි නෑ නේ !
13. ඔන්න මේ තමා Latest ම Release එක..ඒ තමා.. Grand Theft Auto : Episodes From Liberty City.. මේක නම් Release උනේ 2010 අප්‍රේල් වලද කොහෙද !
&
GTA4 වලින් උඩ තියන games ගහන්න පුළුවන් VGA,Ram, සහ Processers එළකිරි එකට සෙට් වෙන ගැන්සියේ හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !

Responses
0 Respones to "Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !"
Post a Comment