Wish You Happy New Year 2013!!!

Facebook Timeline එක වදයක්ද? එහෙනම් එය සම්පුර්ණයෙන්ම Remove කරමු



ලොව පුරා facebook බාවිතා කරන බොහෝ දෙනෙක් දැන් facebook නව මුහුණුවර, එහෙම නැතිනම් Facebook Timeline එක බාවිතා කරනවා. මම දකින විදියටනම් Timeline එකේ කිසිම වරදක් නැහැ. නමුත් Timeline එක ගැන පොඩ්ඩක් හොයලා බලන්නේ නැතිව ආවට ගියාට Timeline එක active කරගෙන, දුක් විදින අපේ සහෝදරයින් කීප දෙනෙක්ම මම දැක්කා. ඔබ වරක් Timeline එක active කලෝතින් නැවත ආයේ පරණ layout එකට යන්න විදියක් Facebook සලසලා දීලා නැහැ. ඉතින් ඔබ තවමත් Timeline එක Active කරගෙන නැතිනම් ඊට කලින් Timeline එක ගැන පොඩ්ඩක් හොයලා බලලා Active කරගන්න. මට ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ Timeline එක කිසිම අවුලක් නැහැ කියලයි.



කොහොම නමුත් timeline එකේ අලුත් interface එක තමන්ගේ හිතට අල්ලන්නේ නැතිව පරණ layout එක ගැන හිත හිත දුක් වෙන අපේ සහෝදරයින් වෙනුවෙන් Firefox browser එක බාවිතාකර timeline එක disable කරන්න පොඩි ක්‍රමයක්‌ හොයාගත්තා.



ඉතින් මේ Trick එක ගැන කියනවනම් මෙය Browser trick එකක්. මේ ක්‍රමය මගින් ඔබ දැනට Timeline එක active කරගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් එය disable කරගන්න. නමුත් ඔබට පමණයි පරණ Facbook layout එක පේන්නේ. ඔබේ මිතුරන්ට Timeline layout එක විදියට තමයි ඔබේ profile එක පේන්නේ.

Internet Explorer 7 සහ එයට කලින් නිකුත් උන versions සදහා Facebook Timeline එක සහය දක්වන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කරණය පදනම් කරගෙන තමයි අපි Timeline එක disable කරගන්න යන්නේ.

Facebook Timeline එක Disable කරගන්නේ කොහොමද?


මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ Firefox browser එකට User Agent Switcher Addon එක install කරගන්න එක.



ඔබ එය install කරගත් පසුව ඔබේ browser එක restart කරන්න.
ඊට පසුව පහත රුපයේ පරදී Tools -> Default User Agent -> Internet Explorer -> Internet Explorer 7.
යන්න තෝරන්න.



දැන් ඔබ Facbook වෙබ් අඩවිය වෙත ගොස්, ඔබේ ගිණුමට ලොග් වෙන්න. දැන් ඔබට දැක ගන්නට පුළුවන් ඔබට හුරුපුරුදු පරණ මුහුණුවර සක්‍රීයව ඇති බව. නමුත් සුදු පාටින් හිස් කොටුවක් ඔබේ Profile එකේ තිබෙන බවත් ඔබ දකින්නට ඇති. ඉතින් එයත් අපිට පුළුවන් ඉවත් කරගන්න. ඒ සදහා FB Purity Extension එක ඔබේ browser එකට install කරගන්න.



එච්චරයි. ඊට පස්සේ Facbook profile page එක refresh පාරක් දාල බලන්න. ඔබේ පරණ Profile එකේ මුහුණුවර ඒ අයුරින්ම ඔබට දැක ගන්නට පුළුවන්.


Responses

0 Respones to "Facebook Timeline එක වදයක්ද? එහෙනම් එය සම්පුර්ණයෙන්ම Remove කරමු"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu