Wish You Happy New Year 2013!!!

Facebook එකේ තියෙන Videos Download කරන්නේ මෙහෙමයි . (Pccool.com.nu)



මුහුනුපොතේ ඔබේ මිතුරන් හෝ වෙනත් අයෙක් share කරන වීඩියෝ, සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පරිගණකයට download කරගන්න උවමනා වෙන අවස්ථා ඇති. මේ කියන්න යන්නේ එවැනි අවස්තාවලදී බොහොම පහසුවෙන් ඒ වැඩේ කරගන්නේ කොහොමද කියන එකයි. මෙතැනදී facebookvideodown.com යන වෙබ් අඩවිය බාවිතා කරලා Facebook එකේ තියෙන video එකක් ඔබේ පරිගණකයට ලේසියෙන් download කරගන්න පුළුවන්.
හරි අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
මුලින්ම ඔබට download කරගන්නට අවශ්‍ය video එක වෙත ගොස්, එහි ලින්ක් එක කොපි කරගන්න.
අනතුරුව facebookvideodown.com වෙබ් අඩවියට ගොස්. එහි “Enter the video link” යන්නට පහලින් ඇති කොටුවේ ඔබ කලින් කොපි කරගත් වීඩියෝ ලින්ක් past කර “DOWNLOAD” යන්න ක්ලික් කරන්න.
ඊට පසුව පහත රුපයේ පරිදි “Download This Video” ලෙස button එකක් දිස් වේවි. එය ක්ලික් කරන්න.

පසුව ඔබේ browser එකේ අලුත් වින්ඩෝ එකක video එක open වේවි. එහි ඇති කළු පැහැති පසුබිම මත ක්ලික් කර “Save as..” යන්න ක්ලික් කර video එක download කරගන්න.


Responses

0 Respones to "Facebook එකේ තියෙන Videos Download කරන්නේ මෙහෙමයි . (Pccool.com.nu)"

Post a Comment

 

Categories

Recent Comments


Popular Posts

Return to top of page Copyright © 2011 | Pccool Web Design by Dushan Chamidu